සහනය ඔබ සැම ‌සාදරයෙන් පිළිගනිමු

ජාතික මානසික සෞඛ්‍ය සභාව, මානසික සෞඛ්‍ය සත්කාරය ගැන පුනරුත්ථාපන, අධ්‍යාපන සහ පුහුණු වැඩසටහන් පවත්වනු ලබන, 1982 වර්ෂයේදී ස්ථාපනය කරන ලද සම්පත් මධ්‍යස්ථානයකි. මෙය 1982 වර්ෂයේදී පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කොට පුණ්‍යාතනයක් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලියාපදිංචි කරන ලදි.
සහනය, බොරැල්ල සම්පත් මධ්‍යස්ථානය සහ ගොරකාන නේවාසික මධ්‍යස්ථානයකින් සමන්විතයි.


දැක්ම
පර්යේෂණයසංවර්ධනය හා සත්කාරය මඟින් උපරිම මානසික සෞඛ්‍ය තත්වයකට පමුණුවාලීම.

මෙහෙවර
මානසික සෞඛ්‍ය සේවාව සැපයීමෙන් සහ මානසික සෞඛ්‍ය සත්කාරයෙහිලා මෙම ආයතනය ශ්‍රි ලංකාවේ අග්‍ර ගණයේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි

න්‍යායානුකූල පදනම
ජීව මනෝ සමාජීය ආකෘතිය


ප්‍රායෝගික උපදේශනය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

ප්‍රායෝගික උපදේශණය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුම සහ කුසලතා වර්ධනය කිරීමේ වැදගත් අවශ්‍යතාවය සඳහා අපගේ කාලය වැය කරමින් සහනය - ජාතික මානසික සෞඛ්‍ය සභාව ප්‍රායෝගික උපදේශණය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් පවත්වාගෙන යනු ලබයි. වැඩි විස්තර සඳහා

සේවාදායයන් සඳහා නොමිලේ කොන්ඩා කැපීමේ සේවය - 06 අගෝ 2010
ස්වෙච්ඡා පදනම යටතේ කොණ්ඩා කැපීමේ වෘත්තීකයින් දෙදෙනෙකු විසින් දෙමසකට වරක් සිකුරාදා දින සේවාලාභීන් සඳහා නොමිලේ කොණ්ඩා කැපීමේ සේවයක් ආරම්භ කර ඇත.මෙහි පළමු සෙවාව 2010-08-06 වන දින පැවැත්විය....
 
නම :
ලිපිනය :
ඊ මේල් :
දුරකථන :
පණිවිඩය :
 
Copyright © Sahanaya 2010 Powered By PC'S R US